Friday, April 26, 2024

General line - 0115112241

ඩිජිටල් පෙරළිය ඔස්සේ රැකියා ලැබෙන හැටි




හෙට (12) ලෝක පරිගණක වැඩසටහන්කරුවන් වෙනුවෙන් වෙන් වූ දිනයයි.

ඩිජිටල් පෙරළිය හරහා ලංකාවේ ආර්ථිකය සහ රැකියා උත්පාදනයට අලුත් මාර්ග රැසක් විවෘත කිරීමේ හැකියාව ඇති බවයි බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ.

ලොව මිලියන ගණනාවකගේ රැකියා ගැටලුවට පිළිතුර ඇත්තේ ඩිජිටල්කරණය මත බව ලෝකයේද පිළි ගැනීමයි.

ඉදිරියේදි ශ්‍රී ලංකාව තුළ බහුතර රැකියා නිර්මාණය කිරීමේ වැඩසටහනට මේ වෙන විටත් පදනම දැමීමේ වැඩසහන් සහ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පසුගිය වකවනුව තුළ ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ මූලිකත්වයෙන් පැවැත්වුණා.

මේ පිළිබදව අදහස් දක්වන වත්මන් ඩිජිටල් අමාත්‍යවරයාගේ උපදේශක නිශාන් ප්‍රනාන්දු පුල්ලේ කියා සිටියේ ඩිජිටල් ආර්ථිකයක් බාර ගත හැකි නිපුණතාවයෙන් පිරි පිරිසක් මෙරට සිටින බවයි.

“කිසිම සැකයක් නෑ අපිට තරුණ පිරිසක් ඉන්නව ඉතාමත් බුද්ධිමත්. ඔවුන් අතර ඩිජිටල් ආර්ථිකය බාරගන්න තරම් නිපුණතාවයෙන් පිරි පිරිසක් ඉන්නව.ඔවුන්ට අවශ්‍ය වන්නේ නිසි මග පෙන්වීමක් සහ මුල්‍යමය සහයක් පමණයි.ඒ පිළිබඳව සහය ලබා දීමටත් ඔවුන්ගේ යටිතල පහසුකම් නිර්මාණය කිරීමටත් සියල්ල සපයන්න හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පියවර ගනිමින් සිටිනවා.”

14302975_1650522435276359_1145596456_n 14341818_1650522441943025_345571202_n