Monday, October 2, 2023

General line - 0115112241

බුදු පිළිම ගනුදෙනුවකට හිමිනමක් අත්අඩංගුවට




මාතර උනැල්ල ශ‍්‍රී නාගරාම විහාරස්ථානයේ තිබූ වටිනා කිරිගරුඬ බුද්ධ ප‍්‍රතිමාවක් වීරකැටියේ බෞද්ධ මධ්‍යස්ථානයකට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ගනුදෙනුව සිදුකළ බව කියන උනැල්ල ශ‍්‍රී නාගරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ ගිහි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

රුපියල් ලක්ෂ හය හමාරක මුදලකට බුද්ධ ප‍්‍රතිමාව අලෙවි කර තිබෙනවා.

මාතර පොලිසියට ලද තොරතුරකට අනුවයි විමර්ශන සිදුකෙරුණේ.