Thursday, April 18, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකන් ගොඩගන්න 10 දෙනෙක් එයි




ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන මට්ටමට ගෙන ඒම සඳහා ආයෝජකයින් දස දෙනෙකු දැනටමත් ඉදිරිපත් වී සිටින බව රජය පවසනවා.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න සඳහන් කළේ එම ආයෝජකයින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යයනය කිරීමක් සිදු කරන බවයි.‍

මේ මස අවසන් වනවිට ඔවුන් සිය යෝජනා රජයට ලබාදෙනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.