Saturday, December 2, 2023

General line - 0115112241

සංහිඳියාව ගැන විග්නේෂ්වරන්ගෙන් පාඩමක්




උතුරු නැගෙනහිර ජනතාවගේ අර්බුදයට විසඳුමක් ලෙස සංහිඳියාව ගොඩනැගිය යුතු බව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ උතුරේ තරුණ තරුණියන් එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ ජීවත් වීමට බලාපොරොත්තු වන බවයි.

දේශපාලනික වශයෙන් එම බලාපොරොත්තු ඉටු නොවීම නිසා ඔවුන් සන්නද්ධ අරගලයකට මුල් වූ බවත් එයින් ජීවිත හානි රැසක් සිදු වු බවත් ප‍්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එහෙත් සංහිඳියාව තුළින් එය වෙනස් කළ හැකි බවයි ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

vigneswaran-01 vigneswaran-02