Wednesday, April 24, 2024

General line - 0115112241

තර්ස්ටන් පාරේ යන්න එපාලු




කොළඹ 07 මුණිදාස කුමාරතුංග මාවත (තර්ස්ටන් පාර) භාවිතා කරන රියදුරන්ට සහ මහජනතාවට එම මාර්ගය මගහැර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

ජලාපවහනය ක්‍රමවත් කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් එම මාර්ගයේ දැනට සිදුවෙන කැණීම් කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන අවහිරතාවයක් ඇති විය හැකි බවයි සඳහන් කළේ.