Friday, September 20, 2024

General line - 0115112241

සෞඛ්‍ය සේවයට මුදල් අය කිරිමට පිඹුරුපත් සැකසේ




සෞඛ්‍ය සේවය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ සේවයක් ලෙස දියුණු කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටිනවා.

ඉන්දීය ප‍්‍රදානයක් ලෙස ලැබුණු ගිලන් රථ සේවය එහි පළමු පියවර ලෙස යොදා ගැනීමට අපේක්‍ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියාසිටියේ.

එම ගිලන් රථ සේවාවේ වත්මන් තත්ත්වය පිළිබද නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු ඒ බව පැවසුවා.

“සෞඛ්‍යත් නිකන් දෙන්නේ නැහැ. කවුරුහරි ගෙවනවා ඒ කියන්නේ සමාන්‍යයෙන් බදු ගෙවන පුද්ගලයෝ. ඒ බදු හරහා තමයි යම් කිසි සේවාවල් නිකන් ලබා දෙන්නේ. මට ඕනේ කරන්නේ ඒකට පුද්ගලික අංශයෙත් දායකත්වයත් අරගෙන අපිට අරමුදලක් මේක හරහා නිර්මාණය කරලා , ආණ්ඩුවෙන් අවශ්‍ය ප්‍රමාණය විතරක් ගෙවලා මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න”.

ඉන්දීය ප‍්‍රදානයක් ලෙස ලැබුණු ගිලන් රථ සේවය දැනට කි‍්‍රයාත්මක වන්නේ කිසිදු ගාස්තුවක් අය නොකරයි.

එහෙත් ඉදිරියේදී ඒ සඳහා විකල්ප ක‍්‍රමයක් හඳුන්වාදීමට සිදුවනු ඇති බවටයි ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී ඉගි පළ කළේ.