Monday, May 20, 2024

General line - 0115112241

ආක්ටික් අයිස් තට්ටුවේ ඇදහිය නොහැකි වෙනසක්!




උතුරු අර්ධගෝලයේ අයිස් තට්ටුව මෙතෙක් වාර්තා වූ දෙවැනි අවම අගය දක්වා අඩු වී ඇති බවට විද්‍යාඥයෝ පවසනවා.

පසුගිය සැප්තැම්බර් 10 වැනිදා මෙම වර්ෂයේ අයිස් තට්ටුවේ පැවති අවම අගයට එය ළඟා වී ඇති අතර, සමස්තයක් ලෙස අයිස් තට්ටුව විසින් ආවරණය කර ඇත්තේ වර්ග කිලෝමීටර් මිලියන 4.14ක භූමි ප්‍රදේශයක් පමණි.මෙහි අවම අගය වාර්තා වූයේ 2012 වසරේ වන අතර එය වර්ග කිලෝමීටර මිලියන 3.39 ලෙස සටහන් වුණා.

සෑම වර්ෂයකම වසන්ත හා ගිම්හාන කාලවලදී උතුරු අර්ධගෝලයේ අයිස් තට්ටුව ස්වභාවිකවම යම් ප්‍රමාණයකින් අඩුවීම සිදුවන්නේ ශීතකාලය උදාවන තුරුය.

නමුත්, 2016 වසරේදී සිදුව ඇති අයිස් තට්ටුවේ අඩුවීම ඇදහිය නොහැකි තරම් බව විද්‍යාඥයෝ පවසති.

ආක්ටික් මුහුදේ අයිස් තට්ටුව පෘථිවියේ උෂ්ණත්වය පාලනය සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරයි.

මේ ආකාරයෙන් ආක්ටික් අයිස් තට්ටුව අඩු වීම ආක්ටික් පරිසර පද්ධතියට හා ජීවීන්ටද දැඩි බලපෑමක් ඇති කරනු ඇති බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.