42 වන ජාතික මහා කි‍්‍රඩා උළෙලේ මලල කී‍්‍රඩා ඉසව් අද (30) උදෑසන ආරම්භ වූයේ යාපනය දොරේඅප්පා කී‍්‍රඩාංගණයේදීයි.
කී‍්‍රඩාංගණයට අද උදෑසන පොද වැස්සක් ඇදහැලුනු අතර මුලින්ම ආරම්භ කෙරුණේ මීටර් දස දහස පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයයි. එ් සඳහා කී‍්‍රඩකයින් විසිපහකට අධික සංඛ්‍යාවක් එක් වූ අතර එහි රන් පදක්කම දිනා ගැනීමට මධ්‍යම පළාත නියෝජනය කළ ලයනල් සමරජීව සමත් වුණා. ඔහු එම ඉසව්වේ රන් පදක්කම අඛන්ඩව දිනා ගත් 6 වන අවස්ථාව මෙයයි.
ලයනල් සමරජීව දැක්වූ දක්ෂතාව විනාඩි 31 යි තත්පර 28 යි දශම දෙකක්. ඉලෙක්ට්‍රොනික කාල ගණන යන්ත‍්‍රය නොමැතිවීම නිසා මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලේ කාල ගණනය සිදු කෙරෙන්නේ අත් යන්ත‍්‍ර මගින්.
මෙරට පැවැත්වෙන දැවැන්තම කී‍්‍රඩා උළෙලකට එවැනි තාක්ෂණයක් යොදා ගැනීමට කී‍්‍රඩා බලධාරීන්ට නොහැකි වීමද කැපී පෙනෙනවා.
මීටර් 10.000 පිරිමි – අවසන් තරග ප‍්‍රතිඵල
රන් – ලයනල් සමරජීව ( මධ්‍යම ) – 31.28.2
රිදී – පී.එ්.පී මදුරංග ( සබරගමුව) – 31.44.5
ලෝකඩ – කේ.ජී.ආර්.එස් කුමාර ( ඌව ) – 31.57.2
මීටර් 5000 කාන්තා – අවසන් තරග ප‍්‍රතිඵල
රන් – නිලානි රත්නායක ( සබරමුව ) – 17.07.6
රිදී – ඒ.එන්.එල් ආරියදාස ( සබරගමුව ) – 17.20.5
ලෝකඩ – එස්. ඒ. ළමා හේවා කුමාර ( ඌව ) – 17.28.4