රිටි පැනීම පිරිමි ඉසව්වෙන් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවිමට බස්නාහිර පළාතේ ඉෂාර සඳරුවන් අද (01) සමත්වුණා
ඒ යාපනයේ දොරේ අප්පා ක්රිඩාංගනයේ පැවැත්වෙන 42 ජාතික මහා ක්රිඩා උළලේදීයි.
ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 5යි සෙන්ටිමිටර් 10ක්.
මීට පෙර පැවති ශ්රි ලංකා වාර්තාවටද හිමිකම් කීවේ ඔහුයි.
එහිදි ඔහු දක්වා තිබුණේ මීටර් 5ක දක්ෂතාවක්.
මේ අතර මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේද නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට දකුණු පළාතේ නිමාලි ලියනාරච්චි අද සමත්වුණා.
ඇය දැක්වූ දක්ෂතාව විනාඩි 2යි තප්පර 3 දශම 05ක්.
ඇය විසින් බිද දැමුවේ 1992 වසරේ ධම්මිකා මැණීකේ විසින් පිහිටුවා තිබූ වාර්තාවක්.