Tuesday, September 24, 2024

General line - 0115112241

ජගත් සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් දිවයිනට




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු ජාතීන්ගේ කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත රීටා අයිසැක් නාඩියේ ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සූදානම් වනවා.

ලබන සඳුදා ඇය දිවයිනට පැමිණීමට නියමිතයි. දින 10 ක් මෙරට රැඳී සිටිමින් ශ‍්‍රී ලංකාවේ ආගමික හා භාෂා සුළුතරයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු රැස් කිරීම ඇගේ අපේක්ෂාව වී තිබෙනවා.

ඒ සඳහා රීටා අයිසැක් නාඩියේ උතුර, නැගෙනහිර, උතුරුමැද සහ මධ්‍යම යන පළාත්වල සංචාරය කිරීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සහ සිවිල් ක‍්‍රියාකාරීන් සමග ද සාකච්ඡා කිරීමට ඇය අපේක්ෂාවෙන් සිටිනවා.