Tuesday, April 16, 2024

General line - 0115112241

ලොව දෙවන වේගවත්ම මිනිසාගේ දියණිය ඝාතනය කෙරේ




අමෙරිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර Tyson Gay ගේ දියණිය Trinity Gay වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඇයගේ වයස අවුරුදු 15 ක්. අමෙරිකාවේ කෙන්ටකී ප‍්‍රදේශයේ දී වෙඩිතැබීම සිදුව තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපනශාලවක රථ ගාලක නවතා තිබූ මෝටර් රථ දෙකක සිටි පිරිසක් සිදු කළ වෙඩි තැබීමකට ඇය මැදි වී ඇති බවයි. එහි දී බරපතල තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.

මීටර් සියය ඉසව්වේ අමෙරිකානු ශූරයා පමණක් නොව ලොව දෙවන වේගවත්ම මිනිසා යන විරුධාවලිය මේ වනවිට හිමිව තිබෙන්නේ ද ටයිසන් ගේ හටයි.

ඔහු දෙවන වන්නේ සුපිරි කෙටි දුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් හටයි. ඔහුගේ දියණියට අත් වූ මෙම අනපේක්ෂිත අනතුර පිළිබඳ ලොව පුරා බොහෝ පිරිසක් සිය ශෝකය පළ කර තිබෙනවා.

_91946990_mediaitem91946989 1023xz-so-79 14568048_1140577092702356_6444207677469759758_n 14702412_709218435899931_3223061976060513907_n 14718711_2123123597912973_6185059079003835599_n tyson-trinity-gay-facebook