Sunday, December 22, 2024

General line - 0115112241

ධීවර ගැටුමෙන් පොලිස් පුටුත් මාරු වෙයි




ධීවරයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් පසු කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල උඩුමලගල වහාම කි‍්‍රයාත්මක වන පරිදි පුත්තලම පොලිස් ස්ථානයට මාරු කර තිබෙනවා.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මෙම නියෝගය නිකුත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කල්පිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් පත්කර තිබෙනවා.

තහනම් ආම්පන්න ක්‍රම භාවිතා කරමින් ඇතැම් ධීවරයින් මසුන් මැරීමට විරෝධය පළ කරමින් ඊයේ සහ පෙරේදා මෙම විරෝධතා දියත් කෙරුණා. එහිදී ඊයේ දිනයේදී ඊට එරෙහිව තවත් ධීවරයින් පිරිසක් විරෝධය පෑ අතර එහිදී දෙපිරිස අතර ගැටුමක් ඇති වුණා.

සිද්ධියෙන් කැපුම් කෙටුම් තුවාල ලද පුද්ගලයින් 09 දෙනෙකු ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් සිව්දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. සෙසු පිරිස ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මෙහිදී විරෝධතාවයට එක්ව සිටි පිරිස විසින් ලොරි රථයකට, යතුරු පැදි 04 කට සහ බෝට්ටු 07 කට ගිනි තබා විනාශ කර තිබුණා.