Friday, March 29, 2024

General line - 0115112241

බදුලු පුබුදුව ඇරඹෙයි




බදුල්ල ජනතාවට විවිධ සේවා සහ පහසුකම් රැසක් සපයන “බදුලු පුබුදුව” අදින් (22) ආරම්භ කෙරෙනවා.

මෙම වැඩසටහන හරහා දින 7 ක් පුරා එක් එක් දිනයට වෙන් වූ ප්‍රජා සේවා රැසක් සිදුකිරීමට අපේක්ෂිතයි. අද දින මාර්ග දිනය වන අතර 23 වැනි ඉරිදා අධ්‍යපන දිනය නමින් නම් කර තිබෙනවා.

24 වැනි සඳුදා දිනය කෘෂිකර්ම දිනය නමින් නම් කර ඇති අතර 25 වැනි අඟහරුවාදා දිනයේ ජංගම සේවා දිනය නමින්ද 26 වෙනි බදාදා දිනය නිවාස දිනය ලෙසද සැළසුම් කර තිබෙනවා.

27 වැනි බ්‍රහස්පතින්දා දිනය සෞඛ්‍ය දිනය ලෙස නම් කර තිබෙනවා.

අවසාන  දිනය වන 28 වැනිදා විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් දිනය නමින් නම් කර තිබෙනවා.

මෙම වැඩසටහන් මාලාව අද ආරම්භ වන්නේ පාර්ලිමෙන්තු සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන්. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ සංකල්පයකට අනුව වැඩසටහන් මාලාව සංවිධානය කෙරුණා.

මෙම වැඩපිළිවෙල යටතේ, ග්‍රාමීය මාර්ග 45 ක සංවර්ධන කටයුතු ආරම්භ කිරීම, වැඩ අවසන් කල වැවබැද්ද මාර්ගය, රත්වත්ත මාවත සහ වේවැස්ස මාවත ජනතා අයිතියට පත්කිරීම, මහජන ආධර ලබාදීම, ඉඩම් ඔප්පු සහ නිවාස ද්‍රව්‍යධාර,  ශ්‍රවණ උපකරන, රෝද පුටු, කිහිලි කරු ප්‍රදානය, දහම් පාසල් ගුරුවරුන්ට නිළ ඇදුම් ප්‍රධානය කිරීම, විහාරස්ථාන සඳහා පිත්තල පහන් පූජා කිරීම,  කෙසෙල් සෙවන ගම්මානයේ ව්‍යාපෘතියට මුල් ගල තැබීම, කුඩා තේවතු හිමියන් 1000කට පොහොර සහනාධාර ලබාදීම,  කෘෂි ප්‍රදර්ශනය සහ ගොවි සතිය ක්‍රියාතමක කිරීම, තොරතුරු තාක්ෂණය පිළිබදව දරු දැරියන්ගේ දැනුම මිනුම උරඟා බැලීම, විශේෂ සෞඛ්‍ය සායනය, තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රන,  ස්වේච්ඡ සමිති සඳහා අවශ්‍ය ආවරණ කට්ටල ලබාදීම ආදී වශයෙන් දැවැනත ප්‍රජා සේවාවන් රැසක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.