Thursday, March 28, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගත් පොලිසියේ පහ රිමාන්ඩ්




යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, යාපනය මහේස්ත‍්‍රාත් එස්. සදීෂ්දරන්ගේ නියෝගයකට අනුවයි.

ඉකුත් 20 වෙනිදා රාත‍්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකින් මෙම සිසුන් දෙදෙනා මියගිය බවයි මුල් අවස්ථාවේ ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේ වෙතත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ මියගිය එක් සිසුවෙකුගේ සිරුරේ වෙඩි ප‍්‍රහාර දක්නට ඇති බවයි. අදාළ අවස්ථාවේ මාර්ග රාජකාරීවල යෙදී සිටි පොලිස් නිලධාරීන් පසුව ප‍්‍රකාශ කර ඇත්තේ පොලිස් අණ නොතකා අදාළ යතුරුපැදිය ධාවනය කරන අවස්ථාවේ අහසට වෙඩි තැබූ බවයි.

කෙසේ වෙතත් ඒ පිළිබඳ ඉහළ නිලධාරීන්ට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නිලධාරීන් 5 දෙනා අත්අඩංගුවට ගැනුණා.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ කළුකොඩි ඔසවා ඇතැයි වාර්තා වනවා. විශ්ව විද්‍යාල සීමාවේ ආරක්ෂාව ද තරකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

jaffna-001 jaffna-01 jaffna-02 jaffna-03 jaffna-04 jaffna-05 jaffna-06 jaffna-07