Sunday, December 22, 2024

General line - 0115112241

දඟකාර දරුවන් ගැන ජනපති කතා කරයි




ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ දී දඟකාර දරුවන් රැසක් සමඟ රාජකාරී කිරීමට තමන්ට සිදුව ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මතුගම බෝපිටිය සිරි ඉන්ද්‍රසභා පිරිවෙන් විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයකට ඊයේ  (22) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එම හඬපටය පහතින් දැක්වෙයි.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී කරුණු දැක්වූවා. ථේරවාදී බුදු දහම ශ්‍රී ලංකාවට ඇති විශාලම සම්පත බව මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළා. මෙවර වෙසක් උත්සවය ලෝකයේ සියලු බෞද්ධ රටවල්වල රාජ්‍ය නායකින් මෙරටට ගෙන්වාගෙන පවත්වන්නට සැළසුම් කර ඇති බවත් පැවසුවා.