Friday, April 19, 2024

General line - 0115112241

සිය තුරුලේ නිදා සිටියදී දරු දෙදෙනාට පිහියෙන් ඇන්න මවක්




සිය තුරුලේ නිදා සිටි මාස 3 ක් වයසැති පුතුට සහ වයස අවුරුදු දෙකහමාරක් වන දියණියට පිහියෙන් ඇන තම උදරයටද පිහියෙන් ඇන ගත් 30 හැවිරිදි මවක් පිළිබඳව මඩොල්සිම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මඩොල්සිම ඌවකැලේ වත්තේ පදිංචි මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග නිවසේ තුවාල ලබා සිටියදී  අසල්වැසියන් දැක පොලිසිය දැනුවත් කිරීමෙන් පසු රෝහල් ගත කෙරුණා.

බදුල්ල මහ රෝහලේ දැනට ප්‍රතිකාර ලබන දරුවන් දෙදෙනාගේ සහ සැකකාරියගේ උදර ප්‍රදේශයේ කැපුම් තුවාල ඇතත් තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

අදාළ මව යම් මානසික පීඩාවකින් පෙලෙන්නේදැයි යන සැක සහිත බැවින් ඒ පිළිබඳ බදුල්ල මහරෝහලේ මානසික රෝග ඒකකයේදී පරික්ෂණයක් සිදු කිරීමටද නියමිතයි.

මැයගේ සැමියා කොළඹ පුද්ගලික ආයතනයක රැකියාව කරන බවද විමර්ශනවලදී අනාවරණය වු බවයි පොලිසිය පැවසුවේ.