Saturday, April 20, 2024

General line - 0115112241

නොරොච්චෝලේට විසඳුම් දෙන නව කුඩා බලාගාරයක්




නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම්වල දී සිදු කෙරෙන විදුලි කප්පාදුවලට විසඳුමක් ලෙස කුඩා පරිමාණයේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට අවධානය යොමුව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන ප‍්‍රකාශ කළේ ඊට අදාළ කටයුතු මේ වනවිට සාකච්ඡා මට්ටමේ පවතින බවයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ කොටසක ඇතිවෙන විදුලි බිඳවැටීමකදී යළි සක්‍රීය කිරීමට ගත වෙන කාලයට පිළියමක් වශයෙන් මෙම කුඩා ප්‍රමාණයේ බලාගාරයක් ඉදිරිකිරීම අපේක්ෂා කෙරෙනවා.

ඒ හරහා එය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට සම්බන්ධ කිරීම තුළින් ප්‍රධාන බලාගාරය පවත්වාගෙන යෑමට අවශ්‍ය අවම විදුලි ධාරිතාව ලබාගත හැකි බවයි සුලක්ෂණ ජයවර්ධන වැඩි දුරටත් සඳහන් කළේ.

දැනට අක‍්‍රීය වී ඇති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වන අදියර අද (23) දිනයේ දී ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.