Friday, March 29, 2024

General line - 0115112241

විකුණන රාජ්‍ය ආයතන ගැන ජනතාව දැනුවත් කරනවා ලු




රාජ්‍ය ආයතන විකිණීමට ආණ්ඩුව දරණ උත්සහය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ජාතික භික්ෂු පෙරමුණ තීරණය කර තිබෙනවා.

එහි ප‍්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් සඳහන් කළේ පෙත්සමකට අත්සන් ලබා ගනිමින් ජනතාව දැනුවත් කිරීමට තීරණය කර ඇති බවයි.

රාජ්‍ය ආයතන විකිණීම හා බිලිදීම වහා නවතන ලෙසට ආණ්ඩුවට බල කරමින් මෙම පෙත්සමට අත්සන් ගැනීම සිදු කෙරෙනවා.

ඉදිරියේ දී එම පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදෙන බව ද උන්වහන්සේ සඳහන් කළා. පෙත්සමට අත්සන් ලබා ගැනීම හෙටින් (24) ආරම්භ කරන අතර එය දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයක් පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි උන්වහන්සේ අවධාරණය කළේ.