Thursday, April 25, 2024

General line - 0115112241

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නැහැ (UPDATE)




යාපනය චුන්නාක්කම් ප‍්‍රදේශයේදි පහරකෑමට ලක්වූ රාජ්‍ය බුද්ධි සේවාවේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තාවනවා.

නෙත් නිවුස් යාපනය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රී භවානන්ද රාජාගෙන් කළ විමසීමකදී  ඔහු සඳහන් කළේ ඔවුන් හදිසි අනතුරු එ්කකයේ ප්‍රතිකාර ලබන අතර එම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පොලිස් සැරයන් (25747)- නවරත්න සහ පොලිස් කොස්තාපල් (46311) හේරත් යන දෙදෙනායි.

යාපනය සහ චුන්නාක්කම් ප්‍රදේශයේ මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂාව තර කර තිබෙනවා.

————————————————————–

යාපනයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක්

Oct 23, 2016 @ 15:4

රාජ්‍ය බුද්ධි සේවාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යාපනයේදී ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ යාපනය චුන්නාක්කම් ප‍්‍රදේශයේදියි.

යතුරු පැදියකින් පැමිණි කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අද (23) දහවල් 2.45ට පමණ මෙම ප්‍රහාරය සිදු වී ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මුලින් ඇතුළත් කෙරුනේ තෙලිප්පලේ රෝහලටයි.

පසුව පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ යාපනය රෝහලටයි.