Saturday, April 20, 2024

General line - 0115112241

අද රෑ එජාපය සහ ශ්‍රීලනිපය රැස්වෙයි




2017 අයවැය ලේඛනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යංශයේ දී අද (25) රාත‍්‍රියේ පැවැත්වෙනවා.

ඊට එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සහ ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

එහිදී හෙතෙම පැවසුවේ “මේ සාකච්ඡාවෙන් පස්සේ, සාකච්ඡාවේ තීරණ ජනාධිපතිතුමාට ඉදිරිපත් කරනවා. ඒ අනුව එතුමා අනුමැතියක් දෙනවා අයවැය සඳහා අවසාන ලියකියවිල්ල සකස් කර ගැනීම සඳහා.. ඒ අනුව මේ අයවැය පසුව වෙනස් කරන්නවත් යම් යම් සංශෝධන කරන්නවත් බලාපොරොත්තුවක් නැහැ.” යනුවෙනි.