Thursday, April 25, 2024

General line - 0115112241

“පිටස්තර පොලිසියක් කියලා ජනතාව තුළ ආකල්පයක් ඇති කරලා”




උතුරු පළාත් ජනතාව රටේ සාමාන්‍ය නීතියට ගරු නොකරන්නේ නම් ඊට දෙමළ දේශපාලන නායකයින් වගකිව යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා.

එහි ජාතික සංවිධාකය නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ රටේ නීතිය සියලු දෙනාටම එක හා සමානව ක‍්‍රියාත්මක විය යුතු බවයි.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “පොලිසියට ස්වංක්‍රීය ගිනිඅවියක් ලබා දීලා තියෙන්නෙ සාක්කුවේ දමාගෙන ඉන්න නෙමෙයි. විශේෂයෙන් උතුර සහ නැගෙනහිර පළාත්වල ජීවත්වෙන ජනතාව තුළ ආකල්පයක් ඇති කරලා තියෙනවා මේ ඉන්නෙ පිටස්තර පොලිසියක් කියලා. දෙමළ දේශපාලන නායකයින් මේකට ඝෘජුව වග කියන්න ඕනේ.” යනුවෙනි.