Sunday, November 24, 2024

General line - 0115112241

තරගය දිනන්න කොණ්ඩය කපා දැමූ ක්‍රීඩිකාවක්




තරගයක් ජයගැනීම සඳහා ටෙනිස් ක‍්‍රීඩිකාවක් තරගය අතරතුරම කොණ්ඩය කපා දැමූ පුවතක් වාර්තා වනවා. ඒ, සිංගප්පූරුවේ පැවැත්වෙන ලෝක ටෙනිස් සම්මේලන තරගාවලියේදීයි. රුසියානු ක‍්‍රීඩිකා ස්වෙට්ලානා කස්නෙට්සෝවා මෙලෙස තරගය අතරතුර කොණ්ඩය කපා දමා තිබෙනවා.

මෙම තරගයේදී ඇය තරග වැදුණේ පෝලන්තයේ ඇග්නිස්කා රඞ්වන්ස්කා සමගයි. පළමු වටය ස්වෙට්ලානා ජයගත් අතර දෙවන වටය ජයගැනීමට ඇග්නිස්කා සමත් වුණා. ස්වෙට්ලානා සිය කොණ්ඩය කපා දැමුවේ තුන්වන වටය ආරම්භ කිරීමට පෙරයි. එම තරගය වටය ජයගනිමින් සමස්ත තරගය ජයගැනීමට ද ස්වෙට්ලානා සමත් වුණා.

ඇය පසුව කියා සිටියේ කොණ්ඩය නිසා තමන්ගේ තරග රටාවට බාධා ඇති වූ බවත් ඒ නිසා කොණ්ඩය කපා දැමූ බවයි. කපා දැමූ කොණ්ඩය නැවත වර්ධනය විය හැකි වුවත් තරගය පරාජය වූයේ නම් එය ආපසු හැරවිය නොහැකි බවයි ස්වෙට්ලානා වැඩිදුරටත් පැවසුවේ.