Friday, April 26, 2024

General line - 0115112241

භූමිබෝල් රජුගේ දේහය පළමුවරට ජනතාවට විවෘතවෙයි




අභාවප‍්‍රාප්ත භූමිබෝල් රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා තායිලන්ත ජනතාවට එරට බලධාරීන් අවසර ලබා දී තිබෙනවා.

රජතුමාගේ දේහය ඉදිරිපිටට ගොස් අවසන් ගෞරව දැක්වීම සඳහා ඔවුන්ට අවසර හිමි වූ පළමු අවස්ථාව මෙයයි.

රජුගේ දේහය මේ වනවිට තැන්පත් කර ඇත්තේ බැංකොක් නුවර රජ මාළිගයේයි. රජුට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාව දහස් ගණනින් මාළිගාව ඉදිරිපිටට එක්රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රජුගේ දේහය තැන්පත් කර ඇත්තේ රන් මංජුසාවකයි. ඒ අසලට පැමිණ අවසන් ගෞරව දැක්වීම සඳහා දිනකට පුද්ගලයින් දස දහසකට අවස්ථාව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

රජුගේ දේහය පිළිබච අවසන් කටයුතු සිදු කරන දිනය ළගදීම නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

_92143083_036111932 _92143087_036111890 _92143285_036112156