Friday, April 19, 2024

General line - 0115112241

වාර්තාවට කඩුලු 5යි – ඩේල් ස්ටේන් ක්‍රිකට් පිටියට සමුදෙයිද?




උරහිසෙහි ඇතිවූ ආබාධ තත්වයක් නිසා දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේල් ස්ටේන්ට ඕස්ට්‍රෙලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය අහිමිව තිබෙනවා.

ශල්‍යකර්මයක් සඳහා ඔහු නැවත දකුණු අප්‍රිකාව බලා පිටත්වන බවයි වාර්තාවන්නේ.

මාස 6ක පමණ කාලයක් ඔහුට ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටිමට සිදුවෙතැයි වාර්තා වන අතර දිගින් දිගටම ඇතිවන මෙම ආබාධ තත්වය නිසා ඔහුට ක්‍රිකට් පිටියෙන් සමුගැනීමටද ඇතැම් විට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

පසුගිය වසරේදීද ඔහුට මෙවැනිම උරහිසෙහි ආබාධයක් ඇතිවුණා.

ස්ටේන්ගේ මෙම ආබාධය ක්‍රීඩකයෙකුට කලාතුරකින් ඇතිවන්නක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගෙන සිටින දකුණු අප්‍රිකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ෂොන් පොලොක්ගේ කඩුලු 421 පසුකර යාමට ස්ටේන්ට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 5ක් පමණයි.

PERTH, AUSTRALIA - NOVEMBER 04: Dale Steyn of South Africa walks from the field with the team physio after injuring his shoulder during day two of the First Test match between Australia and South Africa at the WACA on November 4, 2016 in Perth, Australia. (Photo by Paul Kane/Getty Images)