Friday, April 19, 2024

General line - 0115112241

විදුලි සැර වැදුනු සේවකයා මරුට (UPDATE)




කැකිරාව නගරයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක නඩත්තු කටයුත්තක් සිදු කරමින් සිටියදී විදුලිසැර වැදුනු විදුලි බල මණ්ඩල සේවකයා මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා විදුලිසැර වැදීමත් සමග දැඩි පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්වයෙන් කැකිරාව දිසා රෝහලට ඇතුළත් කෙරුණා.

වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඔහු දඹුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර එහි දී ඔහු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හබරණ වැඩ ඒකකයට අනුයුත්කව සේවය කළ තිස්හතර හැවිරිදි පුද්ගලයෙක්.


විදුලි සැර වැදී විදුලි සේවකයා රෝහලේ (PHOTOS)

Nov 5, 2016 @ 17:10

 

කැකිරාව නගරයේ අධීබලැති විදුලි සම්පේ‍්‍රෂණ රැහැන් පද්ධතියක නඩත්තු කටයුතු වල නිරතව සිටි ලංකා විදුලි බල මණ්ඩල සේවකයකු අද (05) දහවල් විදුලි සැර වැදීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් රොහල් ගත කර තිබෙනවා.

කැකිරාව ගනේවල්පොල මාර්ගයේ ස්ථානයකදී පස්වරු 1.00ට පමණ අනතුර සිදුව ඇති අතර හබරණ සිට කැකිරාව හා අවට ප‍්‍රදේශ සදහා විදුලිය සම්පේ‍්‍රෂණය කරනු ලබන වොට් 33000 අධිබලැති විදුලි රැහැන් පද්ධතියක අලුත්වැඩියා කටයුත්තක් සදහා අදාළ සේවකයා අධිබලැති විදුලි කණුවට නැග ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේදී අදාළ සේවකයාට විදුලි සැර වැදී විදුලි කණුවේ සිරවී සිට ඇති අතර විදුලි බල මණ්ඩල නිලධාරීන් පසුව විදුලි පද්ධතිය අක‍්‍රීය කොට අදාල සේවකයා විදුලි කණුවෙන් බිමට ගෙන රෝහල් ගත කර තිබෙනවා.

මෙම සිදුවීම ඇසින් දුටුවෙකු පවසා ඇත්තේ විදුලි සැර වැදීමත් සමග විදුලි කණුවේ ගිණි ගැනීමක් ද සිදුවූ බවයි. මෙම අනතුරන් පසුව පැයක පමණ කාලයක් කැකිරාව හා අවට ප‍්‍රදේශවල විදුලි බලය ද විසන්දි වී තිබෙනවා.

විදුලි සැර වැදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම සේවකයා අනතුරින් පසු කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමට විදුලි සේවකයින් හා ප‍්‍රදේශවාසීන් එක්ව තටයුතු කර තිබූ අතර පසුව වැඩි දුර ප‍්‍රතිකාර සදහා ඔහු දඹුල්ල මහ රෝහලට මාරු කෙරුණා. ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ බවයි රෝහල් ආරංචි පවසන්නේ.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003