Thursday, April 25, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවන්ගේ ගැටළු පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද




ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (06) පැවැත්වෙනවා. ඒ, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන්.

ඊට රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය නියෝජනය කරමින් ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු ද සහභාගී වීමට නියමිතයි.

විශ‍්‍රාම වැටුප් පිළිබඳ ගැටළුවක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාවට මේ වනවිට දින හයක් ගත වී තිබෙනවා.

එහිදී ආබාදිත රණවිරුවෙක් අදහස් දැක්වූ වීඩියෝවක් පහතින් දැක්වේ

මේ වනවිට ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු මාරාන්තික උපවාසයක ද නිරත වනවා. ඔවුන්ගෙන් තිදෙනෙකු ඊයේ (05) දිනයේ රෝහල් ගත කළ බවයි රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ සභාපති කෝප‍්‍රල් යූ. ඞී. වසන්ත පැවසුවේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ කඩිනමින් අවධානය යොමු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට නීති ප‍්‍රතිපාදන නොමැති බවයි.

“අපි ඉතිං ඒ කට්ටියට පිළිතුරක් දුන්නනේ. ඒ කට්ටිය කියන එක කලොත් මුළු රටේම නීතී වෙනස් කරන්න ඕනේ. ඔවුන් මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයන්ගේ ගණයටනේ වැටෙන්නේ. ඉතිං ඒ අයට කරපුවාම අවුරුදු දෙකෙන් තුනෙන් මොකක්හරි වුණාම රාජ්‍ය සේවකයන්ටත් ඔය විශාම වැටුප් ඔය විදිහටම දෙන්න වෙනවා. ඒක නිසා අපි විශාම වැටුප් අධ්‍යක්ෂක එක්කත් කතාකරලා , අපි කිවුවා ඒ හා සමාන දීමනාවක් දෙන්නම් කියලා ලබන අවුරුද්දේ පෙබරවාරි සිට දෙනවා කියලා ඒ කට්ටියට මම ලියුමකින්ම දුන්නා. ඉතිං ඒ කට්ටියට ඕනේ කරන දේ මටනම් තේරෙන්නේ නැහැ. මේ අයට මාසේකට රුපියල් 68.000ක් විතර පඩි දෙනවා. එතකොට මේ තවත් 15.000ක් 20.000ක් දෙන්න හදන්නේ දීමනාවක් හැටියට. ඒක ඒ කට්ටිය ප්‍රතික්ෂේප කරලා කියනවා අපිට විශ්‍රාම වැටුපක්ම දෙන්න කියලා”.