Sunday, September 8, 2024

General line - 0115112241

පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක්




පාසල් දරුවන් මත් උවදුරෙන් බේරා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ඉල්ලීමක් කරනවා.

එම සංගමය මගින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ පාසල් දරුවන් ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවීම සඳහා විවිධ උපක‍්‍රම ක‍්‍රියාත්මක වෙමින් පවතින බවයි.

චුයින්ගම්, ටොෆී සහ විවිධ පාන වර්ග හරහා දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කරවීමට ජාවාරම්කරුවන් උත්සහ දරමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් බලධාරීන් කඩිනමින් සිය අවධානය යොමු කළ යුතු බවයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ.

එම ලිපිය පහතින් දැක්වේ

2016-11-05-1 2016-11-05-2