Saturday, May 11, 2024

General line - 0115112241

චීන තානාපති ගැන තීන්දුවක් ගන්න යයි




ශී‍්‍ර ලංකාවේ චීන තානාපතිවරයා වත්මන් රජය සම්බන්ධයෙන්ම මෙන්ම මුදල් අමාත්‍යවරයා පිළිබදවද ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ විමර්ශනයෙන් අනතුරුව චීන තානාපතිවරයාගේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබද තීරණය කරන බවයි.

මෙම සතිය තුළදී අදාළ විමර්ශනය සිදුකරනු ඇති. ඒ අනුව විමර්ශනය අවසන් වූ පසු ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ශී‍්‍ර ලංකාවේ චීන තානාපති කාර්යාලය දැනුවත් කරනු ඇති බවද වාර්තා වනවා.

ශී‍්‍ර ලංකාවේ චීන තානාපතිවරයා වත්මන් රජයේ ඇතැම් ආර්ථික ප‍්‍රතිපත්ති සහ මුදල් අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයන් විවේචනය කරමින් ඉකුත්දා අදහස් දක්වා තිබුණා.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ ශී‍්‍ර ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක් මෙම සතියේ පැවැත්වනු ඇති බවද වාර්තා වනවා.