Thursday, April 25, 2024

General line - 0115112241

දිස්ත්‍රික් හතරක අවදානම තවදුරටත්




දිස්ති‍්‍රක්ක 4 කට ඊයේ (06) නිකුත් කෙරුණු නායයෑම් අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ ඒ අනුව රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලට මෙම තත්ත්වය පවතින බවයි.

එමෙන්ම කදුකර ප‍්‍රදේශ ආශි‍්‍රතව ජීවත් වන ජනතාවද නායයෑම් පිළිබද අවදානයෙන් සිටිය යුතු බව ප‍්‍රදීප් කොඩිප්පිලි සදහන් කළා.

මේ අතර ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල ජල ගැලීම් හේතුවෙන් අවහිරව තිබූ මාර්ග යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදිප් කොඩිප්පිලි කියාසිටියා.

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය අද (07) සිට ක‍්‍රමයෙන් අඩුවන තත්ත්වයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.