Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් එෆ්.එම්. රේඩියෝවෙන් අද විශේෂ සංගීතමය වැඩසටහනක්




නෙත් එෆ් එම් රේඩියෝවේ 11 වන වර්ෂ පූර්ණය වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ සංගීතමය වැඩසටහනක් අද (07) පැවැත්වෙනවා.

උදැසන 8.00 සිට 10.00 දක්වා එය නෙත් එෆ් එම් රේඩියෝව හරහා සජීවීව විකාශය කිරීමට නියමිතයි.

නෙත් රේඩියෝවේ 11 වන වර්ෂ පූර්ණ සැමරුම ඉකුත් 3 වනදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් මෙම සංගීත වැඩසටහන අද දිනයේදි විකාශය කෙරෙනවා.

මෙහිදී මෙම වැඩසටහන සමග නෙත් ශ‍්‍රාවකයන්ට සම්බන්ධවීමට වැඩි අවස්ථාවක් ලබාදී තිබෙනවා.

011 2 55 33 63 දුරකතන අංකය ඔස්සේ නෙත් ශ‍්‍රාවකයන්ට මෙම වැඩසටහනට සම්බන්ධ විය හැකියි.