Friday, April 19, 2024

General line - 0115112241

යාල අංක 1 කොටස සීමා කිරීමට යයි




සේවක හිඟය නිසා රක්‍ෂිත වනාන්තර සහ ජාතික වනෝද්‍යාන ආශි‍්‍රතව සිදුකරන වනජීවි මෙහෙයුම් අඩාල වී ඇතැයි තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සේවකයන් 1500 ක පමණ හිගයක් මේ වනවිට පවතින බවයි. දවසකට රුපියල් බිලියන 12 ක පමණ ආදායමක් ලබන බවත් ඒ හේතුවෙන් සේවක පිරිස වැඩි කරගනිමින් තවතවත් ක්ෂේත්‍රය වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඇති බවත් සඳහන් කළා.

යාල කලාප අංක එක කොටසට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණීම ඉදිරියේදී සීමා කිරිමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කළා. යාල කලාප අංක එක කොටසට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණීම හේතුවෙන් පරිසර දූෂණයද ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් කලාප අංක 3,4,5 කොටස්වලටත් සංචාරකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් මෙම පියවරයන් ගෙන ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. එම උද්‍යානවලදීද වන සතුන් දැක ගැනීමේ හැකියාව පවතින බවත් පෙන්වා දුන්නා.