Friday, March 29, 2024

General line - 0115112241

ජී.එල් ගේ පක්ෂ සාමාජිකත්වය ගැන තවත් රහසක් එළියට




හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය අත්හිටවුවද ඔහු 2014 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු සිය පක්‍ෂ සාමාජිකත්වය අලුත් කර නැතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ 2014 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඔහු පක්‍ෂ සාමාජික මුදල්ද ගෙවා නොමැති බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු රුපියල් විස්සක් වසරකදී සාමාජික මුදල් ලෙස ගෙවිය යුතුයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු හෝ පළාත් සභා මන්තී‍්‍රවරයෙකු අදාළ ධුරය දරන කාලයේදී මසකට රුපියල් තුන්දහසක දායකත්ව මුදලක් ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික වෙත ගෙවිය යුතුයි.

කෙසේවෙතත් ජී.එල්. පීරිස් හිටපු ඇමතිවරයා අදාළ ගෙවීම් කිසිවක් මෙම කාලසීමාවේදී සිදුකර නැහැ. එම නිසා ඔහුගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය 2014 වසරේ දෙසැම්බර් මාසයේ සිට අහෝසි වී ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී හෙළි වුණේ.

මහාචාර්ය ජී.එල්. පීරිස් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ලෙස පත් කිරීමත් සමග ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කිරීමට පක්‍ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක තීරණය කළා.