Wednesday, April 24, 2024

General line - 0115112241

විමල් FCIDයට – සරත් බන්ධනාගාරයට




ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වනවිට ප‍්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.

ඒ, ඉකුත් ආණ්ඩුව සමයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.

අද (07) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි විමල් වීරවංශ මන්තී‍්‍රවරයාට දැනුම්දීමක් සිදුකර තිබුණා.

ඒ අනුව මන්තී‍්‍රවරයා අද පෙරවරු 9.30 ට පමණ  පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ මේ මස 16 දක්වා අද යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිත කරමින් රජයට රුපියල් එක්කෝටි පන් ලක්‍ෂයක අලාභයක් සිදුකළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන්.

ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ අද කැදවනු ලැබුවා. සැකකරු සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ චෝදනා පවතින බැවින් ඇප ලබාදීමට තරම් සුවිශේෂි කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ලබාදුන් බවයි මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළේ.