Thursday, March 28, 2024

General line - 0115112241

ඊරට්ටපෙරියකුලම පොලිස් මුර පොළේ නිල සුනඛයා මරුට




වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් මුර පොළට අනුයුක්තව සේවය කළ පොලිස් නිල සුනඛයා අද (07) අලුයම මරණයට පත්ව තිබෙනවා.

අද උදෑසන ශරීර සුවතා කටයුතු සඳහා පොලිස් සුනඛයා අදාළ භාර නිලධාරියා සමග මහමග ගමන් කරමින් සිටියදී රියඅනතුරකට ලක්වීමෙන් මෙලස තුවාල ලබා මරණයට පත්ව තිබෙනවා.

මහමග ගමන් ගත් ලොරි රථයකට යටවීමෙන් මෙම පොලිස් සුනඛයා මියගිය බවයි පොලිසිය සඳහන් කළේ. මියයන විට එම සුනඛයා වසර දෙකක් වයසැති බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ.

පොලිස් නිල සුනඛයා ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වීම නිසා පොලිස් සුනඛයා භාර පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට වවුනියාව පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

යම් හෙයකින් ඔහු වැරදිකරුවකු වුවහොත් ඔහුගේ රාජකරිය අත්හිටුවීමටත් පොලිස් සුනඛයාගේ වටිනාකම ඔහුගෙන් අයකර ගැනීමටත් සිදුවන බව වවුනියාව පොලීසියේ නිලධාරියෙකු පැවසුවා.