Friday, March 29, 2024

General line - 0115112241

මාධ්‍ය ඉතිහාසය වෙනස් කරමින් නෙත් කඨින මහා පිංකම අවසන්




ශ‍්‍රී ලාංකේය මාධ්‍ය භාවිතයේ තවත් සාධනීය වෙනසක් සිදු කිරීමට නෙත් එෆ්. එම්. රේඩියෝව ඊයේ (12) සමත් වුණා.

ඒ, කඨින මහා පිංකමකදී ඉතිහාසයේ පළමු වරට ‘විනය කර්ම’ සජීව ලෙස ප‍්‍රචාරය කරමින්.

කඨින මහා පිංකමක් සංවිධාන කරන ශ‍්‍රී ලංකාවේ එකම මාධ්‍ය ආයතනය නෙත් එෆ්. එම්. රේඩියෝවයි. අඛණ්ඩව තුන්වැනි වරට මෙවරත් නෙත් එෆ්. එම්. රේඩියෝව කඨින මහා පිංකමක් සංවිධාන කළා. මෙම පිංකම සිදු කෙරුණේ ගම්පහ මිරිස්වත්ත ශ‍්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදීයි.

ඊයේ අලුයම 5.30 ට පමණ කඨින චීවරය සඳහා යොදා ගැනෙන කඨින දුස්සය රැගත් කඨින මහා පෙරහැර මිරිස්වත්ත හන්දියෙන් ගමන් ආරම්භ කළා.

මෙම පෙරහැර විහාරස්ථානයට ළඟා වීමෙන් පසු කඨින දුස්සය මහා සංඝරත්නයට භාර කෙරුණු අතර මසා, පඬු පොවා එය චීවරයක් ලෙස සකස් කළේ මහා සංඝරත්නය විසින්.

මෙලෙස සකස් කෙරුණු කඨින චීවරය පස්වරුවේ නියමිත විනය කර්ම සිදු කරමින් සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පවරා දෙනු ලැබුවා. කඨිනානිශංස ධර්ම දේශනය සිදු කළේ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින්.

මෙම කඨිනානිශංස ධර්ම දේශනයෙන් පසු ඊයේ මධයම රාත‍්‍රිය දක්වා දම්සක් පැවතුම් සූත‍්‍රය ද දේශනා කෙරුණා. නෙත් එෆ්. එම්. රේඩියෝව අඛණ්ඩව තුන්වන වරට සංවිධාන කළ කඨින මහා පිංකම අවසන් වූයේ ද ඒ සමගයි.

මෙම පිංකම සඳහා නන් අයුරින් දායක වූ සහ සහභාගී වූ සියලු දෙනාට නෙත් එෆ්. එම්. රේඩියෝව කෘතඥතාව පළ කරනවා.

img_0687 img_0688 img_0689img_0692img_0700 img_0701img_0703img_0705img_0707img_0713