Friday, March 29, 2024

General line - 0115112241

ජනපති පා ගමනක (PHOTOS)




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පාගමනක් පැවැත්වුණා.

මෙම පාගමන සංවිධාන කර තිබුණේ හෙටට යෙදෙන ජාතික දියවැඩියා දිනය නිමිත්තෙන් ‘‘ සුවබර හෙටකට අද වැඩ අරඹමු’’ තේමාව යටතේයි.

කොළඹ නිදහස් චතුරස‍්‍රයෙන් ආරම්භ වූ පාගමනට පාසල් සිසුන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද එක්ව සිටි අතර බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවෙන් එය අවසන් වුණා.

අමාත්‍ය රාජිත සේනාරත්න සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු පිරිසක් ද මෙම පාගමනට එක්ව සිටියා.

පාගමන අවසානයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ නිරෝගී ජාතියක් බිහි කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවයි.

පාගමන අවසානයේ දියවැඩියා රෝගය පිළිබදව පැවැති පාසල් චිත්‍ර ප්‍රදර්ශණය ද ආරාධිත අමුත්තන් අතින් විවෘත කෙරුණා.

එම අවස්ථාව පහතින් බලන්න

01 02 03 04 06