Friday, March 29, 2024

General line - 0115112241

ජනපතිගේ නම සඳහන් සමරු ඵලකය මංගලාරාමයේ විහාරාධිපති හිමියන් විසින් කඩා දමයි (PHOTOS)




මඩකලපුව මංගලාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා නොපැමිණීම හේතුවෙන් උරණ වූ මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් එම විහාරස්ථානයේ ජනාධිපතිවරයාගේ නම සඳහන් කර තිබු සමරු ඵලකය කඩා ඉවත් කර තිබෙනවා.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද (10) මඩකලපුව දිස්ති‍්‍රක්කයේ සංචාරය කල අතර එම උත්සවයට සහභාගි වු උතුරු නැගෙනහිර උප ප‍්‍රධාන සංඝනායක මඩකලපුව මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් තම විහාරස්ථානයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා. එහිදී ඒ සඳහා කාලයක් නොමැති බව ජනාධිපතිවරයා විසින් පැවසූ බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මඩකලපුව මංගලාරාමා විහාරයේ විනාශ වු බුදුමැදුර අලුත්වැඩියා කර 2015.10.27 වෙනි දින ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමට සුදානම් කර ඇතත් ඒ දිනවල පැවැති වර්ෂාව නිසා මෙදින විවෘත කිරිමේ උත්සවයට ජනාධිපතිවරයාට සහභාගි වීමට නොහැකි වී තිබෙනවා.

නමුත් ඉන් පසු අවස්ථා කිහිපයක් මඩකලපුවට ජනාධිපතිවරයා පැමිණියත් එම විහාරස්ථානයට නොපැමිණි බවද උන් වහන්සේ චෝදනා කරනවා.

මඩකලපුව නගරයේ ඇති එකම සිංහල බෞද්ධ විහාරයට පැමිණීමට නොහැකි නම් රටේ ජනාධිපති ගේ වුවත් එලකය පන්සලේ ගසාගෙන සිටීමට අවශ්‍ය නැති නිසා තමන් එම ඵලකය කඩා විනාශ කල බවයි පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසන්නේ.

temp www.nethfm.com1 temp www.nethfm.com2 temp www.nethfm.com3 temp www.nethfm.com4 temp www.nethfm.com5 temp www.nethfm.com6 temp www.nethfm.com7