Thursday, April 25, 2024

General line - 0115112241

යන්ත‍්‍රයක් පුපුරායාමෙන් පේරාදෙණිය ළමා රෝහලේ හෙදියකට තුවාල




පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ යන්ත‍්‍රයක් පුපුරායාමෙන් එහි සේවය කරමින් සිටි හෙදියක තුවාල ලබා තිබෙනවා.

ඇය ප‍්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ යන්ත‍්‍ර කලක සිට අබලන් තත්වයේ පවතින අතර ඒවා අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් මෙවැනි අනතුරක් සිදු වූ බවට රෝහලේ හෙද කාර්ය මණ්ඩලය චෝදනා කරනවා.