Saturday, April 20, 2024

General line - 0115112241

බම්බලපිටියේ ජංගම ගණිකා නිවාසයක් වටලයි




වෑන් රථයක් යොදා ගනිමින් පවත්වාගෙන ගිය ජංගම ගණිකා ව්‍යාපාරයක් බම්බලපිටියේ ප‍්‍රදේශයේදී පොලීසිය විසින් වටලා තිබෙනවා.

එමිල්ඩා පටුමග අසලදී වෑන් රථයක සිටියදී ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 27 සහ 28 වයස් සීමාවල පසුවන කාන්තාවන් තිදෙනෙක්. ඔවුන් මින්නේරිය, කුන්ඩසාලේ සහ උඩවලව ප‍්‍රදේශවල පදිංචිකාරියන් බව ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුනු අනෙක් පුද්ගලයා 36 හැවිරිදි කොළඹ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සහ සැකකාරියන් තිදෙනා අලුත්කඬේ අංක 03 මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (15) ඉදිරිපත් කිරීමට නියමිතයි.