Friday, April 19, 2024

General line - 0115112241

මඩකලපුව මංගලාරාම විහාරාධිපති හිමිට විරුද්ධව දෙමළ සංවිධාන වීදී බසී (වීඩියෝ සහ ඡායාරූප)




මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් රජයේ නිලධාරීන්ට දැඩි ලෙස අවවාද කිරීමට විරුද්ධව අද (15) විශාල උද්ඝෝෂණයක් පැවැත්වුණා.

මඩකලපුව පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්වුණා. ප්‍රදේශයේ දෙමල ජනතාව සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද උද්ඝෝෂණයට එක්ව සිටීම හේතුවෙන් එහි කටයුතුද ඇණහිටියා. මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට විරෝධය පළකරමින් පැවති මෙම උද්ඝෝෂණයට ප්‍රදේශයේ දෙමළ සිවිල් සංවිධානද එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

උද්ඝෝෂණයේ යෙදුණු අය කොක්කොඩිචෝලෙයි වෙල්ලාවෙලි ප්‍රධාන මාර්ගය හරස් කර ගමනාගමනයට බාධා එල්ලකළා.

මංගලාරාම විහාරාධිපති හිමියන් පොලිස් නිලධාරීන්ද ඉදිරියේ රාජ්‍ය නිලධාරීන්ට බැන වැදී තිබුනද රජය ඊට එරෙහිව නීතීමය පියවර නොගන්නා බවටද උද්‍ඝෝෂකයින් චෝදනා කළා.

ග්‍රාම නිලධාරියෙකුට පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැන වදින වීඩියෝවක්ද මේ වන විට සමාජජාල පිටුවල සංසරණය වෙමින් පවතිනවා. එම වීඩියෝව පහතින් දැක්වේ.

මෙම සිදුවීම මුල්කරගනිමින් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට විරෝධය පළකර පැවති අද පැවති උද්ඝෝෂණයේ ජායාරූප පහතින් දැක්වේ.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005 image-www-nethnews-lk00006 image-www-nethnews-lk00007 image-www-nethnews-lk00008 image-www-nethnews-lk00009
මෙම ස්ථානයට පැමිණි කළුවන්චිකුඩි පොලිස් අධිකාරිවරයා හා මඩකලපුව දිස්ත්‍රික් අතිරේක දිසාපති උද්ඝෝෂකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පිරිස විසිර ගියා.