Friday, April 19, 2024

General line - 0115112241

සැමියාගේ සිරුර ඉල්ලා බිරින්දෑවරු තිදෙනෙකු අධිකරණයට




රිය අනතුරකින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් තමාට භාර දෙන්නැයි ඉල්ලමින් විවාහක බිරින්ඳෑවරුන් තිදෙනෙකු නීත්‍යානුකූල විවාහ සහතිකද අතැතිව ගම්පහ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (15) පෙනී සිටියා.

මෙම කාන්තාවන් තිදෙනාම පවසා ඇත්තේ මියගොස් ඇත්තේ තමාගේ ස්වාමිපුරුෂයා බවයි. යක්කල – කිරිඳිවැල මාර්ගයේ එකේ කණුව අසලදී ඉකුත් 13 වැනිදා අලුයම 44 හැවිරිදි මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මළ සිරුර භාර ගැනීම සඳහා කාන්තාවන් තිදෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් ගම්පහ පොලිසිය මේ පිළිබඳ අධිකරණයට අද කරුණු වාර්තා කළා.

වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයාට දාව අදාළ බිරින්දෑවරුන් තිදෙනාට දරුවන් හය දෙනෙකු සිට ඇති බවයි.

එකිනෙකාට හොර රහසේ 1996 වසරේ සිට පවුල් ජීවිත 3ක් ගත කර ඇති බවද මෙහිදී අනාවරණ වුණා.

බිරින්දෑවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් වන මහේස්ත‍්‍රාත් නියෝගය හෙට (16) ලබාදීමට නියමිතයි.