Friday, April 26, 2024

General line - 0115112241

පැය 48ක සෞඛ්‍ය වර්ජනයක්..!




මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු අතුරු වෛද්‍ය සේවාවට අයත් ශ්‍රේණීන් 8 ක සේවකයන් අද (16) සිට දින දෙකක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනවා. ඒ, ඖෂධ සංයෝජක තනතුර අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග‍්‍රහණය කිරීමට විරෝධය පළ කරමින්. මේ පිළිබද කරුණු දැක්වු අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ මාධ්‍ය ලේකම් නජිත් සුමනසේන.

මේ හේතුවෙන් මැලේරියා මර්ධන ව්‍යාපාරය, බරවා රෝග මර්ධන ව්‍යාපාරය, ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල, හෘද සැත්කම්, පාසල් දන්ත චිකිත්සක රාජකාරි සහ පිළිකා රෝග සඳහා දන්ත කාර්මික රාජකාරි කටයුතුවලට බාධා එල්ල විය හැකි බවද නජිත් සුමනසේන සදහන් කළා.