Thursday, April 18, 2024

General line - 0115112241

නඩු පැවරීමේ බදු සහ අන්තර්ජාල බදු පැනවීම පිටුපස රහසක්




අන්තර්ජාල සේවා සදහා අය කෙරෙන බදු ඉහළ දැමීම සහ නඩු පැවරීමේදී ගාස්තු අය කිරීමට අයවැයෙන් සිදුකර ඇති යෝජනා පිටුපස සැගවුණු රහසක් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තුන්වන දිනය වූ ඊයේ (15) විවාදයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

“ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට බලපෑම් කර පාලනය කරාට, ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යජාල පාලනය කරගන්න බැරි නිසා ආණ්ඩු විරෝධී ෆේස්බුක් අරගලය නවත්තන්නයි මේ අන්තර්ජාල ගාස්තු වැඩි කරල තියෙන්නෙ. අනෙක නඩු පැවරීමේදී ගාස්තු වැඩි කිරීම කරල තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අපි නඩු දාන එක ආණ්ඩුවට කරදරයක් වෙලා තියෙන නිසයි. මුදල් ඇමති විද්දේ ඒකාබද්ධ විපක්ෂයට වැදුනෙ ජනතාවට“

මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය සිව්වන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.