Thursday, April 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වැටුප අහෝසි කරන්න යෝජනාවක්…




පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විශ‍්‍රාම වැටුප අහෝසි කිරීමට සියලූ පාර්ශව එක්විය යුතු බව ජාතික භික්‍ෂු පෙරමුණ පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියා.

පාර්ලිමේන්තුවේ ඉන්න කාලෙදි රටට අහිතකර හැමදේම කරල පෞද්ගලික ධනය ගොඩනගා ගන්නවා. පාර්ලිමේන්තුවෙ ඉන්නකම් උපරිම සැප විඳිනව. ඊට පස්සේ විශ්‍රාම වැටුපක් ගන්නව. අපි මේකට විරුද්ධව විරෝධතා පලකළ යුතුයි.“

මෙවර අයවැයෙන් භික්‍ෂූන් වහන්සේලා රැවටීමකට ලක්කර ඇති බවද පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් මෙහිදී කියාසිටියා.