Wednesday, April 24, 2024

General line - 0115112241

මඩකළපුවේ හිමියන්ට ඩයස්පෝරාවෙන් මරණ තර්ජන




මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට සංවිධානාත්මක දෙමළ ජාතිවාදී සංවිධාන විසින් සහ කොටි ඩයස්පෝරාවේ පුද්ගලයින් දුරකතනය ඔස්සේ මරණ තරජන කරමින් සිටිනා බව පැවසෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සුමනරතන හිමියන් “මඩකලපුව දිස්ත්‍රික්කයේ පට්ටිපොල සහ වව්නතිව් ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවල පදිංචි සිංහල ජනතාවට ඉවත්වෙන්න කියල නඩු දාල තියෙනව. ඒකට එරෙහිව ජනතාව සමග මම විරෝධතාව පල කළා. ඊට පස්සෙ අංක 100න් විතර දිගින් දිගටම මට පහත් විදියට බැනවදිමින් මරණ තර්ජන කරනව. මේ ගැන කියල මඩකළපුව පොලිසියෙත් මම ඊයෙ (15) රාත්‍රී පැමිණිල්ලක් දැම්ම. ඒත් කිසිම විසඳුමක් මේ වෙනකම් නැහැ“ යැයි පවසනවා