Saturday, April 20, 2024

General line - 0115112241

දිරිය නෙතින් ඉදිකළ මුහුදු මහා විහාරයේ විශ්‍රාම ශාලාව 30දා විවෘත කෙරේ…




උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ අභාවයට ගොස් ඇති වෙහෙර විහාරස්ථාන පිළිසකර කිරීමට උරදෙන නෙත් එෆ්. එම්. දිරිය නෙත් සමාජ සත්කාරය මේ වනවිටත් සාර්ථකව කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. එහි ප‍්‍රධාන සංධිස්ථානයක් සටහන් කරමින් ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයේ විශ‍්‍රාම ශාලාව විවෘත කිරීම ලබන 30 වනදා සිදු කෙරෙනවා.

පොතුවිල් මුහුදු මහා විහාරයට එල්ල වී තිබූ විවිධ තර්ජන පිළිබද නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනෙන් පළමු වරට අනාවරණ කෙරුණා. අනාවරණයෙන් පමණක් නොනැවතී මුහුදු මහා විහාරය යළි ගොඩ නැගීමටද නෙත් එෆ්. එම්. බැලූම්ගල පෙරමුණ ගත්තා.

මුහුදු මහා විහාරයේ විශ‍්‍රාම ශාලාව ඉදිකෙරුණේ ද ඒ යටතේයි. ඒ, දිරිය නෙත් සමාජ සත්කාරයට ඔබ දැක් වූ දායකත්වයෙන්. ලබන 30 වනදා සිදු කෙරෙන මෙම පුණය කර්මය පිළිබද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියන් මෙම සත්කාරයට මූලිකත්වය ගත් නෙත් එෆ් එම් රේඩියෝවට මෙන්ම සතකාරයට දායක වූ පිංවත් ඔබ සැමටත් පුණ්‍යානුමෝදනා කරනවා.

මේ අතර උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ අභාවයට ගොස් තිබෙන වෙහෙර විහාරස්ථාන පිළිසකර කිරීම සදහා දිරිය නෙත් සමාජ සත්කාරයට දායකවීමට ඔබට ද දැන් අවස්ථාව විවෘතයි. දායක මුදල් සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ යුතු වනවා.

ගිණුම් අංකය 000 460 002 117.