Tuesday, April 23, 2024

General line - 0115112241

කුසල් ජනිත් නොකළ වරදකට පැටළූ රසායනාගාරය වැසේ…




ශී‍්‍ර ලංකා කී‍්‍රකට් කී‍්‍රඩක කුසල් ජනිත්ගේ තහනම් උත්තේජක පරීක්‍ෂාව සිදුකළ කටාර් රාජ්‍යයේ පරීක්‍ෂණාගාරය තහනම් කිරීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවරණ ඒජන්සිය තීරණය කර තිබෙනවා.

එම ආයතනය නිවේදනය කර ඇත්තේ අදාළ පරීක්‍ෂණාගාරය ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් පරීක්‍ෂණ සිදුකිරීමට අපොහොසත්ව ඇති බවයි. මේ හේතුවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ විශ්වාසය පළුදු වී ඇති බවද එම ආයතනය පෙන්වා දෙනවා. තහනම් උත්තේජක චෝදනා එල්ල වූ කුසල් ජනිත්ගේ පළමු පරීක්‍ෂාව සිදුකළේ මෙම පරීක්‍ෂණාගාරයේදීයි.

කෙසේවෙතත් එම වාර්තා නිවැරදි නොවන බව පසුව සිදු කෙරුණු පරීක්‍ෂණයකදි අනාවරණ වුණා.