Saturday, April 20, 2024

General line - 0115112241

බුදු දහමට අපහාස කළ රාසික් රිමාන්ඩ් (UPDATE)




තව්හිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙලෙස නොවැම්බර් 29 වැනි දා දක්වා ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටයි නියෝග කෙරුණේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මෙම නියෝගය නිකුත් කළා.


බුදු දහමට අපහාස කළ රාසික් අත්අඩංගුවට

(Nov 16, 2016 @ 10:59)

තව්හිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඞීන් මාලිගාවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඉකුත් 3 වනදා මාලිගාවත්ත, ප‍්‍රදීපා මාවතේ පැවති උද්ඝෝෂණයක් අතරතුර බුදුදහමට නින්දාවන ආකාරයේ හා ජනතාව කුපිත වන ආකාරයේ අදහස් පළ කිරීම හේතුවෙන්. සැකකරු අද අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මේ අතර අබ්දුල් රාසික්ගේ ප‍්‍රකාශයට විරුද්ධව අදහස් පළ කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඊයේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඊට විරෝධය පළ කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් ඊයේ කොළඹ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට විරෝධය පළ කළා.

අදාල වීඩියෝව පහතින් නරඹන්න