Wednesday, April 24, 2024

General line - 0115112241

අයවැය නිසා එක් අයෙකුට රුපියල් 11600 ක අලූත් බදු බරක්




මෙවර අයවැය යෝජනා හේතුවෙන් එක් අයෙකුට වසරකට රුපියල් එකොළොස් දහස් හයසියයක අලූත් බදු බරක් පැටවෙන බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා.

එහි සභාපති වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ මෙතරම් මුදලක් ගෙවීමට තරම් ජනතාවගේ ආදායම වැඩි වී නොමැති බවයි.

ඔහු ප්‍රකාශ කළේ රටට අහිතකර අයවැය යෝජනාවලට එරෙහිව ඉදිරියේ දී සියලූ වෘත්තීය සමිති එක් කරගත් දැවැන්ත ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ තුනෙන් දෙකේ බහුතරයකින් අයවැය සම්මත කිරීමට කටයුතු කරන බවයි.