Thursday, March 28, 2024

General line - 0115112241

යටගිය ජල ගාස්තු වැඩිවීම යළි මතුවෙයි




කිසියම් ප්‍රතිශතයකින් හෝ ජල ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇතැයි ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

වසර 03 කට වරක් ජල ගාස්තු සංශෝධනය කිරීම සිදුවන බවයි ඇය කියා සිටියේ.

කෙසේ වෙතත් ජනතාවට අවම බලපෑමක් සිදුවන පරිදි ජල ගාස්තු සංශෝධනය සිදු කරනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

ජල ගාස්තු ඉහළ නැංවීම හා අයවැය යෝජනා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ.

දෙසැම්බර් පළමු වනදා සිට ජල ගාස්තුව සියයට 30 කින් ඉහළ නැංවීමටයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මීට පෙර තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ජල ගාස්තු ඉහළ නැංවීම තාවකාලිකව නතර කෙරුණා.

ජල ගාස්තු සංශෝධනය පිළිබඳ සලකා බැලීමට අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත්කර තිඛෙනවා.

විෂයභාර අමාත්‍ය රාවුෆ් හකීම් ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකළහොත් ජල සම්පාදන මණ්ඩලය ද පාඩු ලබන ආයතනයක් වනු ඇති බවයි.